Saturday, December 5, 2020

මත්පැන්


ඇතිවුණා මනුසිතට උහුලාගත නොහැකි 

දුක් වේදනා බොහොමයක් 

පිළියම වුණා 

දුක නසන වේදනා නාශකය 

මත්පැන් ...

විටෙක ගෙනදුන්නේ ඒ සිතට දරාගනු බැරි 

සතුට සැනසීමක්

විඳගන්න තිබිය යුතු දිව ඔසුව

මත්පැන් ...

දුකට සතුටට සියලු දෙයටම

අතට ගත්තේ දෙවරක් නොසිතාම

ප්‍රසිද්ධ මත්පැන් බෝතලය 

මොහොතකට සිහිවුණිද අඹුව දරුපවුල ගැන

විඳවන බව නොවිඳිනා දුක් ගැහැට 

සිතනු හදවතින් නොව බුද්ධියෙන්...

දුගී දුප්පතාගේ සිට

රාජ සිටු මැතිඇමති දන සැම

දණින් නමනා මේ වතුරෙ බල

කියාදෙනු මැන මතු උපදින පරපුර 

බිළිගන්නට පෙර...





No comments:

Post a Comment

සාහිත්‍යය යනු

සාහිත්‍යය යනු රසවත් වූ ප්‍රකාශනයකි.සාහිත්‍යය පිළිබඳව ඉදිරිපත් වී ඇති නිර්වචන අනුව සාහිත්‍යය යන්න අවබෝධ කරගත හැකිය. " රසාත්මකං වාක්‍යයං ...