සාහිත්‍යය යනු රසවත් වූ ප්‍රකාශනයකි.සාහිත්‍යය පිළිබඳව ඉදිරිපත් වී ඇති නිර්වචන අනුව සාහිත්‍යය යන්න අවබෝධ කරගත හැකිය. "රසාත්මකං වාක්‍යයං කාව්‍යයං"යනුවෙන් විශ්වනාථ පඬිවරයා සාහිත්‍යය හඳුන්වා ඇති අතර එහි අර්ථය වන්නේ රසය ආත්ම කොටගත් ප්‍රකාශනය කවිය හෙවත් සාහිත්‍ය වන බවයි.
"කං ආනන්දංලාති කලා"යනුවෙන් ඉන්දියානු පඬිවරයෙක් සාහිත්‍ය කලාව පිළිබඳව අදහස් දක්වා තිබේ. මෙහි අර්ථය වන්නේ කුමකින් හෝ ආනන්දයක් හෙවත් සතුටක් ලැබේ නම් එය කලාවක් වන බවයි.
තවත් පඬිවරයෙක් දක්වා ඇත්තේ "සාහිච්චං සාහිත්‍යං "යනුවෙනි.මෙයින් කියැවෙන්නේ සාහිතභාවය හෙවත් හදවතට සමීප වීම සාහිත්‍යය වන බවයි.
සාහිත්‍යය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.
1.ගද්‍ය සාහිත්‍යය
2.පද්‍ය සාහිත්‍යය
ගද්‍ය සාහිත්‍යය
ගද්‍ය සාහිත්‍යය යනුවෙන් හඳුන්වන්නේ ඡේද වශයෙන් ලියනු ලබන ගද්‍ය ආඛ්‍යානයකි.මෙයද රසවත්ව ඉදිරිපත් කළ හැකිය. පැරණි ගද්‍ය සාහිත්‍ය කරුවන් වන ගුරුළුගෝමී,ධර්මසේන හිමි,බුද්ධ පුත්‍ර හිමි යන සාහිත්‍යකරුවෝ භාෂාව විවිධ ස්වරූපයෙන් යොදාගනිමින් රසවත් නිර්මාණ ඉදිරිපත් කළහ.
බුත්සරණ ,අමාවතුර ,පූජාවලිය ,සද්ධර්මරත්නාවලිය යන සාහිත්‍ය නිර්මාණ කියවන විට විවිධ රස වින්දනයක් ලබාගත හැකිය. එයට නිදසුනකි මේ;
බුත්සරණේ නාලාගිරි ධමනය
"ඈත දූලින් වැසීගිය ඇත් රජාණෝය.මෑත සවනක් ඝණ රැසින් වැසී ගිය බුදුරජාණෝය.ඈත යවටවන් ඇස් ඇති, එබූ එබූ පයින් පොළොව පලාපියන සේ දිවෙන ඇත්රජාණෝය.මෑත නිල්මානෙල් පෙති පරයන ඇස් ඇති,තැබූ තැබූ පයින් මිහිකත සනහා සනහා වඩින බුදුරජාණෝය .."
මේ ආකාරයට රසවත් ප්‍රකාශන ගද්‍ය සාහිත්‍යයක් එවැනි කෘතිවල දක්නට ලැබුණි.
පද්‍ය සාහිත්‍යය
පද්‍ය සාහිත්‍යය යනු සඳැස් කාව්‍ය ලක්ෂණ අනුගමනය කරමින් ලියන ලද කාව්‍ය විශේෂයකි. දණ්ඩින්, පිංගල යන අලංකාරික පඬිවරු සාහිත්‍ය අලංකාර ශාස්ත්‍රය හඳුන්වා දුන්හ.මේ දෙදෙනා එළිවැට අලංකාරය,ඝන,වෘත,මාත්‍රා ආදී ඡන්දස් අලංකාර ක්‍රම හඳුන්වා දුන් අතර පසුකාලයේ දී "කාව්‍යාදර්ශය" නැමැති ග්‍රන්ථයෙන් කාව්‍ය ශාස්ත්‍රය හඳුන්වා දී ඇත.

No comments:
Post a Comment